පියුමිගේ සැගවූ වත්කම් තව ඉහලට.. ඇය හා දොඩමළු වූ පනහකගෙන් ප‍්‍රශ්ණ කරයි..
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සමග දුරකථන ඔස්සේ කතා බස් කළ පුද්ගලයන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසිය සූදානමින් සිටී. ඇය භාවිතා කරන ලද ජංගම දුරකථනය ඔස්සේ සිදු කරන විමර්ශන වලට අනුව මෙම ක්‍රියාමාර්ග ගැනීමට යයි.
දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ඇය මෙතෙක් ප්‍රකාශිත වත්කම් වලට වඩා තවත් වැඩි වත්කම් ප්‍රමාණයක් ඇතැයි හෙළි වී තිබේ.
ඇයට දේපළ සහ වත්කම් තරම් විශාල ප්‍රමාණයක් ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ නියෝග මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නේ නීති විරෝධී වත්කම් දේපළ පිළිබඳ පොලිස් කොට්ඨාසය විසිනි.
පියුමිගේ සැගවූ වත්කම් තව ඉහලට.. ඇය හා දොඩමළු වූ පනහකගෙන් ප‍්‍රශ්ණ කරයි..
2024-06-23T09:40:00+05:30
Gossip Lanka Hot News






