ජනාධිපතිට මුක්කු ගසන පොහොට්ටුවේ පිරිස් පොහොට්ටුව සමග ජයග්‍රහණයක් නැති බව කියනවා නම් ඔවුන් පොහොට්ටුව හැර යා යුතුයි...
තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම්, එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි සහ එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද හෙතෙම කීවේය.
ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින කොටසක් පොහොට්ටුව සමඟ ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන බවත්, එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට යා හැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිට මුක්කු ගසන පොහොට්ටුවේ පිරිස් පොහොට්ටුව සමග ජයග්‍රහණයක් නැති බව කියනවා නම් ඔවුන් පොහොට්ටුව හැර යා යුතුයි...
2024-06-23T09:35:00+05:30
Gossip Lanka Hot News






