ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
විදුලි බිල අඩුකිරීමෙ යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව ඒකක 0 – 30 අතර ඒකකයක් සඳහා රුපියල් 08 සිට 06 දක්වා අඩු කිරීමට නියමිතයි.
ඒකක 30 – 60 අතර ඒකකයක් රුපියල් 20 සිට 09 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 – 90 දක්වා ඒකකයක් රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට නියමිතයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඒකක 90- 180 දක්වා ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමට යෝජනා කර ඇතිබවයි.
– නාගොඩ සුමන උදයන්ත.