රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ පාටියට ගිය නිලධාරීන්ට පාචන තත්ත්වයක්… සමහර නිලධාරීන්ට රෝගය උග්‍රවී රෝහලේ!
මීට දින කීපයකට පෙර රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර විසින් සිය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් ගෙන්වා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ සාදයකින් අනතුරුව සාදයට සහභාගී වී රාත්‍රී ආහාරය ගත් සියලු දෙනා බරතපල රෝගී වී ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝහල් ගතව ප්‍රතිකාර ගෙන ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
එම ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් නිලධාරීන් තවමත් ඉන්නේ රෝහලේ බවය.
හොඳ හැටියට බීමත් වී සිටි රාත්‍රී ආහාර නොගෙන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර හෝටලයෙන් පිටවී ඇතැයි පැවසේ. නමුත් රාත්‍රී ආහාරය ගත් සියලු දෙනා වමනය සහ පාචන තත්ත්වයක් හේතුවෙන් රෝගී වූ අතර ඇතැම් නිලධාරින්ගේ රෝගී තත්ත්වය උග්‍ර බවත් වාර්තා වේ.
මේ වනවිට සිද්ධියට සම්බන්ධ හෝටලය සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් ලැබී ඇතැයි ද දැනගන්නට ඇත.
-lankasara
රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ පාටියට ගිය නිලධාරීන්ට පාචන තත්ත්වයක්… සමහර නිලධාරීන්ට රෝගය උග්‍රවී රෝහලේ!
2024-06-07T06:48:00+05:30
Gossip Lanka Hot News






