සජිත් විවාදයට නොයයි.. අනුර තනියම සටනේ!
ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය ස්වාධීන රූපවාහිනී ආයතනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කළද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම විවාදයට සහභාගී නොවීය.
කෙසේ වෙතත් ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක ස්වාධීන රූපවාහිනි ආයතනය විසින් කළ ආරාධනය පිළිගෙන එම විවාදයට පැමිණ සිටියේය.
මේ අතර සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදයට ස්වාධීන රූපවාහිනිය විසින් කළ ආරාධනය සඳහා සහභාගී නොවන බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
එම පක්ෂයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පෙන්වා දෙන්නේ තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළේ මුලින් ආර්ථික කමිටු විවාදයත් පසුව නායකත්ව විවාදයක් පැවැත්වීමට බවයි.
එහෙත් ආර්ථික කමිටු විවාදය සම්පූර්ණයෙන්ම මගහැර දෙපාර්ශවයේ කිසිම එකගතාවකින් තොරව ස්වාධීන රූපවාහිනිය සමග මෙම විවාදය සඳහා අනුර කුමාර සහභාගි වීමට තීරණය කර ඇති බවයි.
සජිත් විවාදයට නොයයි.. අනුර තනියම සටනේ!
2024-06-07T06:52:00+05:30
Gossip Lanka Hot News






