gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඓතිහාසික ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකය හොරකම් කරලා! මහ මොළකරු රියලිටි ෂෝ එකක සින්දු කියලා දිනපු ‌කෙනෙක්! ‌කෝටි 500කට විකුණන්න හදද්දී පස්දෙනෙක් අල්ලයි!

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරු බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක් , නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ  අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.

මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය කළ පරික්ෂණ වලදි හෙළිවි ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ , පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම ගායකයා, කල් අඩිය පුත්තලම , මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම , යටි ගහගල, මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් තිදෙනෙකු බව . පොලිසිය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka