gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා රටට කල දේවල් මටත් මතකනෑ.. රට්ටුන්ට කොහෙ මතක තියෙන්නද..- අසූව සමරමින් චන්ද්‍රිකා..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය අසූවන උපන් දිනය වෙනුවෙන් සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. ‘අද මා මේ පොළොව මත ගතකළ හැත්තෑ නවවන වසර ගෙවා දමා අසූ වියට ප්‍රවේශ වීමි. මගේ මතකයේ සටහන් වී ඇති කාලයේ සිට මගේ රට වෙනුවෙන්, එහි ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා කළ කී දෑ බොහෝය.

මට අමතකවත් බොහෝ දෑ තිබිය හැකිය. ඒ ඇතැම් දේ මට ද අමතක නම්, රටේ ජනතාවට ඒවා මතක තිබේවියැයි සිතීම ම උත්ප්‍රාසජනකය. එහෙත් ඊයේ දවස පුරා ලැබුණු, තවමත් ලැබෙන සුබපැතුම්වල මට ආදරය කරන දෙස් විදෙස් ජනතාව සිහිපත් කර තිබූ ඇතැම් මතක මට එක් දෙයක් පසක් කළේ ය.

මා කළ කී දෑ සියල්ල මතක නොතිබුණ ද බොහෝදෙනෙකුට තවමත් මතකයේ රැඳී ඇති පොදු යමක් ඇති බවයි. ඒ, මගේ හදවතේ මේ රට වෙනුවෙනුත්, එහි ජනතාව වෙනුවෙනුත් ඇති ආදරයෙහි අව්‍යාජත්වයයි. එය මට මහත් අභිමානයක් ඇති කළේ ය.

දශක ගණනක් පුරා, නොයෙක් විවේචන, අපවාද මධ්‍යයේ වුව, රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කිරීමට මට ශක්තිය වූයේ ඔබේ ඒ ආදරය බව මම අදට ද විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka