රනිල් නැතිව රෝහිත අබේගුණවර්ධන ජනාධිපති කලත් රනිල් කල ටික කරන්න පුළුවන් - තිස්ස කුට්ටිආරච්චි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයෙකු අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ ඒ මොහොතේ ඇති වූ ප්‍රශ්න ටික විසඳීමට බවද මන්ත්‍රීවරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ වෙනුවට රෝහිත අභයගුණවර්ධන ගෙනාවත් කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ පත් කළත් ඒ වැඩේ හරියට කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.
අගලවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සමුළුව අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
පෝලිම් නතර කළා කියා හෝ දෙකයි පනහට කන්න දුන්නා කියා හෝ කිරිපිටි මිල අඩු කළා කියා හෝ මිනීමරුවා කියා කියා හෝ නායකයන් පත් කිරීමට නොහැකි බවත් ඔහු තවදුරටත් එහිදී පැවසුවේය.
රනිල් නැතිව රෝහිත අබේගුණවර්ධන ජනාධිපති කලත් රනිල් කල ටික කරන්න පුළුවන් - තිස්ස කුට්ටිආරච්චි
2024-06-30T19:18:00+05:30
Gossip Lanka Hot News






