රට විනාශ කර කිසිදු පක්ෂයක් බලය ලබාගෙන වැඩක් නෑ.. මම බංකොලොත් රටක ඇමති කෙනෙක් වෙන්න කැමති නෑ - පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න (video)
මේ රට දැන් තිබෙන තැනින් පොඩ්ඩක් හෝ වෙනස් කර වංගු ගැසීමට ගියොත් රට යන ගමන වෙනස් වී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටෙන් ඉවත් වුවහොත් ජාත්‍යන්තරයේ ණයවර ලිපියක්වත් විවෘත කරගැනීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
එක එක න්‍යායාචාර්යවරුන් කියන බොරු කතා ගණන් ගත නොහැකි බවද පැවසූ ඒ මහතා ජනාධිපතිත් මහ බැංකුවත් භාණ්ඩාගාරයක් එක් වී සිදු කරන දෙයින් ප්‍රතිඵල ලැබෙන්නේ රටට බවත් සඳහන් කළේය.
එනිසා රට විනාශ කරගෙන කිසිදු පක්ෂයට බලය ලබාගෙන වැඩක් නැති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදී.
මේ අතර ඒ මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් සදහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති හා සජිත් ප්‍රේමදාස මහතා අගමැති වන්නේ නම් ඉතා හොඳ බවයි.
රට විනාශ කර කිසිදු පක්ෂයක් බලය ලබාගෙන වැඩක් නෑ.. මම බංකොලොත් රටක ඇමති කෙනෙක් වෙන්න කැමති නෑ - පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න (video)
2024-06-16T09:01:00+05:30
Gossip Lanka Hot News





