gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේදී වෛද්‍ය චමල් සංජීවගේ සහ වෛද්‍ය ජයරුවන්ගේ නම් හළලා!

ලේඛනය අත්හිටුවා වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලයි..
නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු සුදුසු කම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුගේ නම් පත්වීම් ලේඛනයේ සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංචිව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම සිදුකළ පසුව සම්මුඛ පරීක්ෂණය ලබාගන්නා ලකුණු මත රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීම සිදු කරන අතර එහිදී අදාළ රෝහල් අධ්‍යක්ෂකවරුන් සම්බන්ධව යම් විමර්ශනයක් පවතින්නේ නම් ඔවුන් ලබාගත් ලකුණු සහ ලකුණු අනුපිළිවෙල ප්‍රකාශයට පත්කොට ඔවුන්ට පත්වීම් ලබාදීම පමණක් තාවකාලිකව ප්‍රමාද කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් එම ක්‍රමය යටතේ රෝහල් අධ්‍යක්ෂ හා වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සිදුකළද ඉතිහාසයේ පළමුවරට මෙම ක්‍රමය වෙනස් කරමින් පළමු සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම සුදුසුකම් ලබන ලද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු වෛද්‍යවරුන් කීපදෙනකුගේ නම් ඉවත්කොට ඔවුන්ට වඩා සුදුසුකම් අඩුවෙන් පැවති වෛද්‍යවරුන්ගේ නම් ඇතුළත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා 01/06/2024 දින පත්වීම් ලිපි නිකුත් කොට ඇත.

මේ අනුව තමන් සම්මුඛ පරීක්ෂණය වෙත කැඳවීමත් සම්මුඛ පරීක්ෂණය සුදුසුකම් ලබා තිබියදී සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය අනුගමනය නොකොට සුදුසුකම් අනුපිළිවෙල මත පත්වීම් ලේඛනය ප්‍රකාශයට පත් නොකිරීමත් සම්බන්ධව වහාම විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ලබාගන්නා ලෙස රාජ සේවා කොම්ෂන් සභාවේ ඉල්ලීමට එම දෙපළ කටයුතු කර තිබේ.

මේ සම්බන්ධව අධිකරණය ක්‍රියාමාර්ග ලබාගන්නා බවද ඔවුන් දැනුම් දී ඇත.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka