පසුගිය 2වැනිදා කුරුණෑගල සත්‍යවාදී පිටියේ පැවති ජාතික ජනබලවේගයේ තරුණ හමුව අතරතුර සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙක් යම් පිරිසකගේ පහර කෑමට ලක්ව ඇති සිදුවීමක් වාර්තා වේ.
ජා.ජ.බ නායක අනුර කුමාර දිසානායක එම රැලියට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර දිසානායකගේ ජායාරූප ගැනීමට යෑමේදී එහි සිටි පිරිසකගේ ප්‍රහාරයකට ලක්වී ඇතැයි පැවසේ.
එම අවස්ථාවේදී අදාළ නිලධාරීයා ජායාරූප ගැනීම පසෙකලා පලා ගොස් පාරේ නවතා තිබු වාහනයකට නැගී බේරී ඇති බව පැවසේ.
එදින සවස 6.00ත් – 06.30 ත් අතර කාලයේදී ජනරැලිය ඇමැතීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණ ඇති අතර එතුමා ගමන් ගත් රථය මාවතේ නතර නොකර ක්‍රීඩා පිටියේ වේදිකාව අසලටම ගමන් ගත් අවස්ථාවේදී පිවිසුම අසල සිවිල් ඇඳුමෙන් ජායාරූප ලබාගන්නා පුද්ගලයා සම්බන්ධයෙන් මතුවූ සැකය මත නායකයාගේ ආරක්ෂාවට පැමිණ පිරිස් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
ඒ සමඟම අවට සිටි වෙනත් පිරිසක් කෝප වී ඔහුට පහර දුන් බවත් එහිදී ඔහුහේ අනන්‍යතාව හෙළි නොකර දිව ගොස් පොලිස් ජීප් රථයකට ගොඩවී පොලිස් නිලධාරීන්ගේ රැකවරණය මැද පලා ගිය බවත් සිද්ධිය දුටු පිරිසක් පැවසීය.
සිද්ධිය පිළිබඳව කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බැහැර මහතාගෙන් මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ සිවිල් ඇදුමෙන් ජායාරූප ගන්නේ කවුද යන්න නොදැන අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂක අංශයට මතුවූ සැකය මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී යම් ගැටළුකාරී තත්වයක් මතුවූ බවත් එම අවස්ථාවේදී කුරුණෑගල පොලීසියේ නිළදාරීන් ඉදිරිපත් වී ඔහු පොලිස් නිලධාරියකු බව පවසා මතුවූ සැකය ඉවත් කර දුන් බවයි.
