ෆොන්සේකාට ලෝකයේ ඉහලම නිල නාමයක්.. ලංකාවේ කිසිවෙකු ඔහුට උඩින් නෑ..
ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට ලෝකයේ ඉහළම ආරක්ෂක අංශ තනතුරක් පිරිනැමීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව තරු හයේ ජනරාල්වරයෙකුට පිරිනැමෙන මාෂල් තනතුර ඔහුට ලැබීමට නියමිතව ඇත්තේ ඔහු විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව සඳහන් වෙයි.
ෆොන්සේකා මහතා ෆිල්ඩ් මාෂල් තනතුර දැනට දරන අතර එය යුධ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු කරන ලද කැපවීම සලකා රජය විසින් පිරිනමන ලද්දකි.
ඔහුට ලබාදීමට යෝජනා වී ඇති මාෂල් තනතුර මීට කලින් ලෝකයේ ප්‍රකට දේශපාලන නායකයන් හා හමුදා නායකයන් කිහිප දෙනෙකුට ලබා දී තිබේ.
ෆොන්සේකාට ලෝකයේ ඉහලම නිල නාමයක්.. ලංකාවේ කිසිවෙකු ඔහුට උඩින් නෑ..
2024-06-23T09:30:00+05:30
Gossip Lanka Hot News






