gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යාළුවොත් එක්ක ගිහින් තාත්තටත් ගහලා අවුරුදු 14ක පෙම්වතිය උස්සන් ගිහින් පොළොව යට කාමරයක හංගලා! ඉස්සෙල්ලාම යාළුවෙලා තියෙන්නේ දැරියගේ අක්කත් එක්ක! අක්කා එන්න බෑ කිව්වාම නංගිත් එක්ක යාළුවෙලා පැහැරගෙන ගිහින්! VIDEO

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් භූගත කුටියක සඟවා සිටි 14 හැවිරිදි දැරියක් ඉන් මුදාගැනීමට බුත්තල පොලීසිය සමත් වුණි. දැරිය පැහැරගෙන තිබුණේ ඇයගේ පෙම්වතා බව පැවසෙන 18 හැවිරිදි තරුණයෙකු විසිනි. 
බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයන් තිදෙනෙකු එහි නිදා සිටි 14 හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 9 වනදා රාත්‍රියේදී ය. 

එහිදී පැහැරගැනීම වැළැක්වීමට උත්සාහ කළ දැරියගේ පියාගේ අතකට එක් තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසීය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එහෙත් පැහැරගැනීමට ලක්වූ දැරිය සොයාගැනීමට පොලීසියට හැකි නොවීය.

කෙසේවෙතත් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ප්‍රධාන සැකකරු සමග දැරිය පැහැරගැනීමට පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා අනාවරණ කරගැනීමට පොලීසියට හැකිවුණි.

ඒ අනුව පොලීසිය අදාළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් දෙදෙනා පාපෝච්චාරණය කර තිබුණේ පැහැරගත් දැරිය බුත්තල නගරාසන්නයේ පිහිටි ප්‍රධාන සැකකරුගේ මාමාට අයත් නිවසක භූගත කුටියක සිරකර සිටින බවය.

ඒ අනුව බුත්තල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් අදාළ නිවස වෙත පිටව ගොස් තිබුණි.

එහිදී අදාළ දැරියව පොලීසිය විසින් මුදා ගත්තේය.

දැරිය සඟවා තැබීම සඳහාම මෙම භූගත කුටිය මීට මාස එකහමාරකට පමණ ඉහතදී සකස්කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අඩි පහක උසකින් සහ අඩි 6ක පළලකින් යුක්ත වූ මෙම කුටියෙහි වාතාශ්‍රය ලැබීම සඳහා ඉතා කුඩා සිදුරු දෙකක් පමණක් තිබුණි.

මෙහිදී මෙම නිවස හිමි පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කුටියෙන් මුදාගත් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ඔවුන්  දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ, මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිද්ධියේ ප්‍රධාන සැකකරු, පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරියගේ වැඩිමහල් සොයුරිය සමග මින් පෙර ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවය.

ඔහු හා යෑමට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඇයගෙන් කළ ඉල්ලීම් ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ප්‍රේම සබඳතාව නතර කර ඇයගේ සහෝදරිය වන පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරිය සමග ප්‍රේම සබඳතාවක් අරඹා තිබුණි.

මීට මාස දෙකකට පමණ ඉහතදී ද සැකකරු විසින් මෙම දැරිය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති අතර, එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇප මත මුදාහැර තිබුණි.

ඊට ද මෙවර අත්අඩංගුවට ගැණුනු සැකකරුගේ මාමා උපකාර කර ඇති අතර එහිදී අදාළ පුද්ගලයා දැරියව නිවසේ අට්ටාලයක සඟවා තිබූ බව පොලීසිය සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka