සිංහ පැටවු අනාතයි.. අමිහිරි පරාජයත් සමග තරගාවලියෙන් ඉවතට.?
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පැවති තරග දෙකම පරාජය විය.
සිංහ පැටවු අනාතයි.. අමිහිරි පරාජයත් සමග තරගාවලියෙන් ඉවතට.?
2024-06-08T13:00:00+05:30
Gossip Lanka Hot News






