gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැරිච්ච 6000ක් පෙන්ෂන් එක අරන්! දෙපාර්තමේන්තුවෙන් අවුරුදු 3ක් තිස්සේ එක්කෙනෙක්ට ලක්ෂ 27ක් ගෙවලා!

මියගිය විශ්‍රාමිකයන් හයදහසකට අධික පිරිසකට නීති විරෝධී ලෙස විශ්‍රාම වැටුප් ලබා දී ඇතැයි කෝපා කමිටුවේදී හෙළි වී ඇත.

එක් පුද්ගලයෙකු වසර තුනකදී විසිහය ලක්ෂ අනූහය දහස් තුන්සිය හතරක මුදලක් එසේ ලබා ගෙන ඇති බව ද එය එක් සිද්ධියක් පමණක් වන අතර එවැනි සිද්ධි ගණනාවක් කෝපා කමිටුවට වාර්තා වී ඇති බව ද එම කමිටුවේදී කරුණු හෙළිවිණි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කෝපා කමිටුවට පසුගියදා කැඳවූ අවස්ථාවේ මෙම කරුණු පිළිබඳ විස්තර ඉදිරිපත් වී ඇත.

විශ්‍රාම වැටුප් බොහෝ ප්‍රමාණයක් වැඩිපුර ගෙවා ඇති බව නියෝජ්‍ය විගණකාධිපති එම්.එස්. නයන කුමාර මෙම කමිටුවේදී පවසා ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැරැදිසහගත ක්‍රියා හේතුවෙන් මෙම අක්‍රමිකතා සිදුව ඇතැයි ද මෙලෙස විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් බොහෝ සිදුව ඇත්තේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ බව ද කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

මිය ගිය අය සහ දුබලතාවට පත්වී ඇති පුද්ගලයන්ගේ ජීවන වියදම් ද වැඩිපුර ගෙවා ඇති බව ද මෙම කමිටුවේදී කරුණු ඉදිරිපත් වී ඇත.

මෙලෙස නීති විරෝධී විශ්‍රාම වැටුප් ලබා ගැනීම් 6,400ක් පමණ වාර්තා වී ඇති බව ද කෝපා කමිටුවේදී කරුණු හෙළිදරව් වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka