පසුගිය දින කිහිපය පුරාම කොළඹ නගරයේ “ආරංචිය සුබයි” යන පෝස්ටරය දකින්න ලැබුණා.
ඊයේ දිනයේ “ආරංචිය සුබයි” පෝස්ටරය වෙනුවට “ආරංචිය සුබයි – පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්” යනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක විශේෂ දැන්වීමක් අලවා තිබුණා.
ගොඩක් දෙනෙකුගේ මතය වූයේ ජනාධිපතිවරයා ජාතිය අමතා ජනපතිවරණය ගැන අදහස් දක්වන බවයි.
නමුත් ඊයේ ජාතිය ඇමැතූ ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූයේ නැහැ.
එවන් පසුබිමක අදත් තාප්ප පුරා තවත් පෝස්ටරයක් අලවා තිබෙනවා.
ඒ “මේ වෙලාවේ රනිල් තමයි” යනුවෙන්.
