gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

13 සම්පූර්ණයෙන්ම දෙනවා.. දෙමල සන්ධානයට අනුර පොරොන්දු වෙයි…

ආණ්ඩුව ව්‍යවස්ථාවේ ඇති දහතුන් වන ‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගනායක සජිත් ප්‍රේමදාස මහතාත් ජාතික ජනබල වේගය නායක අනුර දිසානායක මහතාත් පොරොන්දු වූ බව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහන් කලේ යයි ජාතික පුවත්පත් වාර්තා කර තිබේ.

යාපනයේ සංචාරයක නිරත වෙමින් සමගි ජන බලවේගනායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් දහවැනිදාද ජාතික ජනබලවේ නායක අනුර දිසානායක මහතා ඊයේ දිනයේදී ද එම පක්ෂ නායකයන් හමුවී තිබේ.

එහිදී එළඹන මැතිවරණය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා, එම් ඒ සුමන්තිරන් ඇතුළු පක්ෂයේ ජේෂ්ඨයන් අනුර දිසානායක මහතා එහිදී හමුවී ඇත.

දෙමල ජනතාවගේ දේශපාලන ගැටලුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් විසඳිය යුතුව ඇති අතර එතෙක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව අනුර දිසානායක මහතා සඳහන් කර තිබේ.

කෙසේ නමුත් 13 වෙනි සංශෝධනය යන්න දෙමළ ජනතාවගේ ගැටලුවට ස්ථිර විසඳුමක් නොවන බව පක්ෂය පිළිගන්නේ යයිද නුර දිසානායක මහතා පැවසූ බව එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කර ඇත.

පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේ පැවසීය.

“මෙතැනින් එහාට යෑම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කමක් අවශ්‍ය වී තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට ව්‍යවස්ථාව තුළ නීති තුළින් ස්ථාපිත කරලා තියෙන සමගිය සඳහා තිබෙන අවස්ථාවන් අපි අවම කළ යුතුව තියෙනවා. සමහර ඒවා නීතියට ව්‍යවස්ථාවට පමණක් සීමාවෙලා. ඒවා ප්‍රායෝගිකව සිදුකිරීමට ඉන් ඔබ්බට ගිහින් ක්‍රියාකාරකම් අවශ්‍යයි. පළාත් සභා කියන්නේ බලය බෙදාහැරීමක්. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මක පළාත් සභාවලට අපි එකඟත්වය පළ කළා.

ඒ විතරක් නෙමෙයි පළාත් සභාවලින් දැනට තියෙන තත්ත්වයෙන් විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිළිගන්නවා. ඒ නිසා අපි ඉන් ඔබ්බට යා යුතුයි. ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික ආදි කේෂ්ත්‍ර ගණනාවක වෙනස්කමකින් තමා ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා.”
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka