රනිල්ට සහයට රාජපක්‍ෂලා නැති සන්ධානයක් හදති.. පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීන් 60 පනිිති.. ව්‍යවස්ථාව කඩිනමින් ලියති..
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට සඳහා නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ආණ්ඩුවේ හා විපක්ෂයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම නව සන්ධානය සඳහා රාජපක්ෂලා කිසිවෙකු එක් කර නොගැනීමටද පසුගිය නම වැනදා පැවති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇත.
සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් එක්ව ඇති බවත් වාර්තා වෙයි.
මෙම සන්ධානය බිහි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
සන්ධානය සඳහා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු හැටකට අධික සංඛ්‍යාවක් එක් වීමට නියමිත බවද සඳහන් වෙයි.
මේ වන විටත් නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට ජ්‍යෙෂ්ටයන් තිදෙනෙකු පත් කර ඇති අතර සතියක් තුළ ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු ගිවිසුම් අත්සන් කිරීමටද බලාපොරොත්තුවක් බලාපොරොත්තු වෙයි.
රනිල්ට සහයට රාජපක්‍ෂලා නැති සන්ධානයක් හදති.. පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීන් 60 පනිිති.. ව්‍යවස්ථාව කඩිනමින් ලියති..
2024-06-12T15:21:00+05:30
Gossip Lanka Hot News






