gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ තරුණයන් ස්විට්සර්ලන්ත හමුදාවට බැඳෙන්න පටන් අරගෙන! දැනටම 107 දෙනෙකු බැඳිලා!

උතුරේ සිට ස්විට්සර්ලන්තයට ගිය දෙමළ තරුණයින් 107දෙනෙකු 2023 වසර තුළ පමණක් ස්විට්සර්ලන්තයේ යුද හමුදා සේවයට එක්ව තිබෙනවා. 

මේ වසරේදී යුද හමුදාවට එක් වූ යාපනයේ පදිංචි යෝගේස්වරන් හැරිසන් ප්‍රකාශ කරන්නේ ස්විට්සර්ලන්ත රජය විසින් එරට වෙසෙන තරුණ තරුණියන්ට යුද හමුදාවට බැදී වසරක කාලයක් සේවය කිරීම අනිවාර්ය කොට තිබීමත් රජයේ රැකියාවක් ලබා ගනීමේදී යුද හමුදාවේ කටයුතු කොට තිබීම විශාල සුදුසුකමක් වශයෙන් සැලකීමත් නිසා තමන් ද ස්විට්සර්ලන්ත යුද හමුදාවට එක් වූ බවයි.

යුද හමුදාවේ සේවය කොට නොමැති පුද්ගලයින් රාජ්‍ය සේවයට බදවා ගැනීමේදී ඔවුන්ට වසරේ සිට වසර තුන දක්වා කාලයක් ඒ ඒ රැකියාවේ ස්වභාවය මත  පරිවාස සේවයේ නිරත විය යුතු නිසා ස්විට්සර්ලන්ත තරුණ තරුණියන් යුද හමුදාවට එක් වීමේ ප්‍රවණතාවය වැඩිවී ඇති බව ද යාපනයේ යෝගේස්වරන් හැරිසන් පැවසීය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ උතුරේ සිට ස්විට්සර්ලන්තය ට පැමිණ සිටින තරුණයින් සිය අධ්‍යාපන කටයුතු වලින් පසුව ඉහල පෙලේ රැකියාවක් ලබා ගැනීමට හැකි වීම නිසා එරට යුද හමුදාවට බැදීම වැඩි වී ඇති බවයි.


උතුරෙන් ස්විට්සර්ලන්තයට ගිය තරුණියන් මෙතෙක් යුද හමුදාවට එක් වූ බවට වාර්තා වී නොමැති බවද යාපනයේ යෝගේස්වරන් හැරිසන් පැවසීය.

lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka