gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජේදාසගෙන් සාම විනිසුරු වාර්තාවක්.. ගිනස් වාර්තාවක්ද විය හැකියි.. එකවර 330ක් පත් කරයි

නුවරඑලිය දිස්ත්‍රික්කයේ 330 දෙනෙකුට සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

හැටන් කුඩාඔය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි (25) දින පස්වරුවේ මෙම පත්විම් සහතික පත් ලබාදිම සිදු කරනු ලැබුහ.

කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් ( සමගි ජන බලවේගය) මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ 330 දෙනෙකුට සාම විනිසුරු පත්විම් සහතික පත්‍ර ලබාදිමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කර තිබුණි.

නුවරඑලිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකයින්ට , ගුරුවරුන්ට , රාජ්‍ය නිලධාරින්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට සහ මාධ්‍යවේදින්ට මෙසේ සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිම සිදු කෙරිණ.

මෙම උත්සවයේදි අදහස් දැක් වු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ දිවයිනේ ප්‍රථම වරට විශාල පිරිසකට සාම විනිසුරු පත්විම් ලබාදුන් ප්‍රථම අවස්තාව මෙය බවයි.

මෙම පත්විම් ලබාගත් සියළුම සාම විනිසුරුවරුන් මහජනතාවගේ අවශ්‍යතාවයන් උපරිම අයුරින් ඉටු කිරිමට කටයුතු කලයුතු බවයි.

සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිමේ අවස්තාවට අධිකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.


– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka