දිලිත්, විමල්, රොෂාන් එකට එක්වෙයි.. නව සන්ධානයක්!
ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ එක්ව නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම නව සන්ධානයට උත්තර ලංකා සභාගයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රි පිරිසක් සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡා පවතින බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, විජයධරණී ජාතික සභාව, පිවිතුරු හෙළ උරුමය, මෙම නව සන්ධානයේ අනිවාර්යය පාර්ශ්වකරුවන් බව දැනගන්නට ඇත.
මෙම සන්ධානයට ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරු සහභාගි කරවා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වේ.
දිලිත්, විමල්, රොෂාන් එකට එක්වෙයි.. නව සන්ධානයක්!
2024-05-26T18:00:00+05:30
Gossip Lanka Hot News






