gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවේ කංචන පොහොට්ටුවට වැඩ පෙන්වන්න ලෑස්ති වෙයි! රනිල්ව අරන් 16 වැනිදා මාතරට එනවා!

ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වන කංචන විජේසේකරද මේ දිනවල ලොකු වැඩකට අතගසා තිබේ.
 ඒ, ජනාධිපතිවරයාට සහාය පළකරමින් මාතර දැවැන්ත රැලියක් සංවිධාන කිරීමේ කටයුත්තය. කංචනද සැලකෙන්නේ මේ වනවිට පොහොට්ටුවට වඩා ජනාධිපතිවරයාට අතිශය හිතවත්ව කටයුතු කරන ඇමැතිවරයකු ලෙසටය. 

මෙම රැස්වීම මීට මාස දෙකකට ඉහතදී මාතර පැවැත්වීමට කංචන සැලසුම් කළද යම් යම් හේතු කාරණා මත එය මඳක් කල්දැමීමට කංචනට සිදුව තිබිණි. 

නමුත් දැන් වාර්තා වන්නේ ලබන 16 වැනිදා කංචන මෙම රැස්වීම මාතර පැවැත්වීමට සියලු කටයුතු යොදා අවසන් බවය. 

ඊට ජනාධිපතිවරයාද සහභාගි වීමට නියමිතව ඇති අතර බොහෝ දුරට කංචනගේ මෙම මාතර රැලියේ දී ජනාධිපතිවරයා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට වූ නිල ප්‍රකාශය සිදුකිරීමට ඉඩ ඇති බවද විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්!
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka