gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුහකයෝ මොන කතා කිව්වත්, මම මගේ වැඩ නවත්තන්නේ නැ - ඇමති ටිරාන් (video)

කුහක මිනිස්සු සමාජ මාධ්‍ය හරහා මොන ප්‍රචාර ගෙන ගියත් තමා කරන කටයුතු නතර කරන්නේ නැති බවත් රට වෙනුවෙන් කරන වැඩපිළිවෙළ දරාගන්න බැරි දේශපාලකයො ද සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ජයවර්ධනපුර මොනච් ඉම්පීරියල් ශාලාවේ පසුගියදා (17) පැවති ජන හමුවක් අමතමිනි.

ඒ සඳහා දිවයිනේ පොලිස් කොට්ඨාශ 45ක පොලිස් ස්ථාන 602 ක් ආවරණය කරමින් නියෝජිතයින් දහසකට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී සෘජු සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අමාත්‍යංශයට අදාලව ඒ ඒ ප්‍රදේශයන්හි කටයුතු කිරීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇත.

අමාත්‍ය ටිරාන් අලස් මෙම ජන හමුව කැඳවා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පුරවා අනුදැනුම මතයි.

ජනහමුව අමතමින් අමාත්‍යවරයා මෙසේ පැවසිය.


ටිරාන් සමග වැඩට ලංකාව වටෙන් ම 1000ක ටීම් එකක්!

'' මම මේ අමාත්‍යාංශය භාරගන්නකොට මගේ යටතේ තිබුණේ පොලිසිය පමණයි. ඒ වෙද්දි පොලිසියේ කොන්ද කඩලා තිබුණේ. කිසිම දෙයක් කර ගන්න බැරුව මහ පාරේ පවා තර්ජනවලට මුහුණ දෙන්න ඒ කාලයේ පොලිසියට සිදු වුණා. රටක් වශයෙන් නීතිය සම්පූර්ණයෙන් කඩා වැටුණොත් ඒ රටට නැවත ගොඩ ඒමක් නැහැ.

මම අමාත්‍යාංශය භාරගත්තට පස්සෙ මම මුලින් හිතුවේ මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ කියන දේ. එවකට බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක්ක මම කතා කරලා පොලිසියේ එම තත්ත්වය වෙනස් කරන්න කටයුතු කළා.


රටේ තිබුණු ආර්ථික අස්ථාවරත්වය එක්ක මුල් කාලයේ දී පොලිස් දෙපාර්තුමේන්තුවේත් අනෙක් දෙපාර්තුමේන්තුවලත් කටයුතු කරන්න සල්ලි තිබුණේ නැහැ. මට ඕන කරන වෙනස්කම් කරන්න පවා මුදල් තිබුණේ නැහැ. මම ජනාධිපතිතුමා මුණගැහුණම නිතරම කිව්වා මුදල් නොමැති ගැටලුව ගැන. නමුත් ගිය වසරේ අවසන් වෙද්දී පොලිසියට අවශ්‍ය ජිප් රථ 500ක් ඒ වගේම අවශ්‍යකරන මෝටර් සයිකල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වුණා.

හමුදා නිළධාරීන් එක්ක බලනකොට පොලිස් නිළධාරීන්ට ලැබුණු මුදල් ප්‍රමාණය බොහෝම අඩු අගයක තිබුණේ. මම කතා කරලා ඔවුන්ට ලැබෙන බටා එක වැඩිකරලා දීලා, ඔවුන්ව දිරිගන්වලා ඔවුන්ට කිව්වේ හරි දේට තදින් ක්‍රියාකරන්න කියලා.

    රටක් විදියට ආර්ථික වශයෙන් යාන්තම් ඔළුව ඉස්සුවම මම ඊළගට බැලුවේ මේ රටේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. මම පෙනුණා ඊළගට තියෙන ලොකුම ගැටළුව මේ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාළ ක්‍රියාවන් කියලා. පැවති එම තත්ත්වය මාස 6 විතර අධ්‍යනය කරලා තමයි යුක්තිය මෙහෙයුම පටන් ගත්තේ.

මේ සියළු දේ අපි කරන්න පටන් ගත්තේ මේ රට වෙනුවෙන්. යුක්තිය මෙහෙයුම පටන් ගන්න වෙලාවේ මට තේරුම් ගිහින් තිබුණේ නැහැ මේ ප්‍රශ්නේ අපේ රටේ පවුල්වලට මේ තරම් බලපාලා තියෙනවද කියලා. මේ වැඩේ කරගෙන යනකොට මහජනතාවගෙන් ලැබුණ ප්‍රතිචාර එක්ක තමයි දැනගත්තේ හැම පවුලකටම වගේ මේ ප්‍රශ්නය බලපාලා තියෙනවා කියලා. විශේෂයෙන් කාන්තාවට.

එක කාලයක් තිබුණා හැමදාම උදේ ඇහැරෙනකොට පාතාල ක්‍රියාකාරකම් ගැන අහන්න ලැබුණු. අපි තදින් ඒ දේවල්වලට එරෙහිව ක්‍රියාකරනවා. මගේ රටේ මහජනතාව මා එක්ක මේ කාර්‍යයට හිට ගත්ත එක මට ලොකු හයියක් වුණා. මේවා කරගෙන යද්දි බොහෝ බාධක ආවා.


දැන් වුනත් අපිව නිහඩ කරල මේ වැඩපිළිවෙළ නවත්තන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති පිරිසක් ඉන්නවා. හැබැයි මම ඒවට බය වෙලා අඩියක්වත් පස්සට තැබුවේ නහැ. මට මොන තරම් මරණ තර්ජන ආවත් මම මේ දේ දිගින් දිගටම කරන බවට මම හිත හදාගෙන තිබුණේ.

මට විරුද්ධකාරයන් ඊට පස්සෙ කරන්න හැදුවේ මට මඩ ගහන එක. අපේ මනස වට්ටලා අපිව වෙන පැත්තකට ‍යොමු කරලා අපි ඒවට උත්තර දිදී ඉන්නකොට මේ වැඩපිළිවෙළ නවත්තන්න ඕන වුණේ. කවුරු මට විරුද්ධව මොනව කිව්වත් මම ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. ඒක කාලය නාස්ති කිරීමක්.

පොලිස්පතිතුමාටත් සමාජජාල මගින් නිතරම මඩ ගහනවා. නඩු පිට නඩු පවරනවා උසාවිවල. අපට විරුද්ධව මෙහෙම කටයුතු කරන්නේ මත්ද්‍රව්‍යවලට, පාතාලෙට සම්බන්ධ අයයි. උද්ඝෝෂණයක් කරන්න ඕන නම් පොලිසිය කළින් දැනුවත් කරලා යම් කිසි ස්ථානයකට රැස්වෙලා, සෙසු මහජනයාට කරදර නොවන විදියට කරන්න පුළුවන්. හැබැයි පෙළපාලි යන්න තහනම්.”

අපි එකතු වුණේ රට වෙනුවෙන්... මොනවා වුණත් මේක කරනවා... 


ජනතාව ටිරාන්ව වටකරයි ඇමතිත් නොසිතූ ප්‍රතිචාරයක් ! සෙල්ෆි ගන්න මහ පොරයක් 









gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka