gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හන්තානේ මහා ඉඩම් මංකොල්ලයක්! අක්කර 22ක් බලෙන් අල්ලගෙන කටුකම්බි ගහලා! බලධාරීන් සද්ද නෑ! උසාවියත් නොමග යවලා! මන්ත්‍රී වසන්ත යාපා ඉඩම් කොල්ලයට එරෙහිව මහජනතාවක් එක්ක පාරට බහී! VIDEO & PHOTOS

හන්තාන ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක ඉඩමක් අනවසරයෙන් අත්පත් කරගැනීමකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ප්‍රදේශයේ ජනතාව සමග උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.
උද්ඝෝෂණය අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.. අද දින හන්තාන, ඌරාගල ප්‍රදේශවාසී මහජනයා, මේ වතුකරයේ ජීවත් වන අහිංසක ජනයා විශාල වශයෙන් රැස්වෙලා මේ වෙලාවේ වතුපාලකයන්ට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරනවා. ඇත්තටම මේ වතුපාලකයන් අහිංසක මිනිසුන්ගේ වතු අල්ලගෙන, උසාවිය නොමග යවමින් මේ වතුපාලකයන් උත්සාහ කරනවා ජාවාරම්කාරයින් එක්ක එකතුවෙලා හන්තාන ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක් ජාවාරම්කාර කණ්ඩායමකට අත යට ගනුදෙනුවක් හරහා ලබාදීමට.

එතකොට මේ හන්තාන කියලා කියන්නේ මහවැලි ගඟේ ජල පෝෂිත ප්‍රදේශයක්. මේ ජල පෝෂිත ප්‍රදේශයේ තියෙන දැවැන්ත රූක්ෂ ගස් ආදිය මේ අය කුණු කොල්ලයට විකුණා දමමින් ජාවාරම්කාර විදියට මේ හන්තාන ප්‍රදේශයේ තමන්ට අත්පත් කර ගැනීමට තමා කටයුතු කරන්නේ. මේ හන්තාන ජීවත්වන දුප්පත් මිනිස්සු, මේ වත්තට ගිහිල්ලා අත්තක් හරි කැපුවොත් එහෙම මේ මිනිස්සු හිරේ විලංගුවේ දාන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.

නමුත් හැබැයි මේ වතුපාලකයෝ කිසිසේත්ම අක්කර 22ක් පුරා භූමිය අල්ලගන්නකම්, කටුකම්බි ගහනකං කිසිසේත්ම මේ අය උනන්දුවක් දැක්වූයේ නැහැ ඒ ඉඩම් අල්ලගන්න ජාවාරම්කාරයින් එලවා දැමීමට. කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැහැ.

පහුගිය කාලේ මේ හන්තාන ප්‍රදේශයේ මිනිසුන්ගේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව මහජනතාව උද්ඝෝෂණය කරද්දී ඇස්කම් පියාගෙන හිටියා වතුපාලකයෝ. අපි දන්නවා ඉතාම හොඳින්ම මේ උරාගල ප්‍රදේශයේ අක්කර 22ක් පුරා වැටකම්බි ගහලා භූමිය වෙන් කරගෙන ඉවර වෙලා, උසාවියට නඩුව දැම්මට පස්සේ මොකද කියන්නෙ, මේ අය පහුගිය කාලේ කිව්වා මේ ඉඩම් JEDB (ජනවසම) ඉඩම් කියලා. ඒ කාලේ JEDB ඉඩම් කියලා කියපු අය දැන් මොකද කියන්නේ, දැන් ඒවා JEDB ඉඩම් නෙමෙයි, මේවා අපි කැමතියි හබකිරීමකින් තොරව සමථයකට එන්න කියලා.

මේ JEDB ඉඩම් වල ඒ වතු අධිකාරිවරුන් අද කටමැද දොඩවනවා මේවා වතු අධිකාරියට අයිති ඒවා නොවෙයි, රජයට අයිති ඒවා නොවෙයි කියලා මේ අය අද උසාවියට කරුණු ඉදිරිපත් කරන්න යනවා. අපි කියනවා මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ රජයේ ඉඩම් කෝටි ප්‍රකෝටි ගණන් වලට අත යට ගනුදෙනු හරහා මංකොල්ල කන ජාවාරම්කාරයන්ට, මේ හන්තාන ඉඩම් දීමට විරුද්ධව අපි කටයුතු කරනවා.

මේ මහනුවර මිනිස්සු විතරක් නෙමෙයි, මේ රටේ සුවහසක් මිනිසුන්ගේ ජල පිපාසය සංසිඳෙන්නේ මහවැලි ගඟ නිසා. මේ මහවැලි ගග කවදා හරි හිඳෙන්න මේ ජල පෝෂිත ප්‍රදේශ කුණු කොල්ලයට ජාවාරම්කාරයන්ට විවිධ ලේබල් ගහලා, සංවර්ධන ලේබල් ගහලා ඔවුන්ට ගජරාමෙට අත යට ගනුදෙනු හරහා විකිණීමෙන්. ඒ නිසා අපි මේ හන්තානේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව පෙළ ගැහිලා එකාවන්ව සටන් කරනවා.

අපි කියනවා මේ රටේ උගත් බුද්ධිමත් සියළුම මහජනයාට මේ මහා ඉඩම් මංකොල්ලයට එරෙහි වෙන්න. මේ අහිංසක මිනිස්සුන්ට පර්චස් දෙකක් තුනක් දෙන්නේ නැහැ. මේ අහිංසක මිනිස්සු පාර අයිනේ කඩයක් දැම්මොත් එලවා දමනවා. ගමේ අහිංසක දරුවන්ට ක්‍රීඩාකරන්න ක්‍රීඩාපිටියක් හදාගන්න දෙන්නේ නැහැ. මේ අහිංසක පාරම්පරික මිනිස්සුන්ට ඉඩම් දෙන්නැතුව, මේ දුප්පත් මිනිසුන්ගේ ජල පිපාසය සංසිඳුවන මේ ජල පෝෂිත ප්‍රදේශය ජාවාරම්කාරයන්ට දීමට උඩ ගෙඩි දෙනවා. අධිකරණය නොමග යවමින් වතු අධිකාරිවරු, ඒ වගේම තමා මේ වතු වල සභාපතිලා අධිකරණය නොමග යවන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා මේ JEDB ඉඩම් වල අයිතිය, රජයේ මහජනතාවගේ දේපළ වල අයිතිය වෙනුවෙන් අපි මහනුවර මිනිස්සු විදිහට සටන් කරනවා එකා මත එකා වැටුනත්.
-mawratanews






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka