gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආගමන විගමන පද්ධතියක් හදන්න ටිරාන්ගෙන් සැලසුමක්?

සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) නියෝජිතයින් 06 දෙනෙකු සතියක කාලයකට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි

ඒ අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම සහ දියුණු තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණ බවයි

ශ්‍රී ලංකාවේ ආගමන විගමන, වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා මෙම සහයෝගීතාවය දායක වනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතීන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින උසස් මට්ටමට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා සිංගප්පූරු නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka