ජනාධිපතිවරණය වසර දෙකකික් කල් දැමිය යුතුයි - විග්නේෂ්වරන් පමණක් රංගේට එක්වේ!
රට ආර්ථික අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවේ දී ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වා රටේ පාලනය වෙනස් වුවහොත් ආර්ථිකය ගොඩනැගීමට මෙතෙක් සිදුකළ වැඩපිළිවෙල වෙනස් වියහැකි බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.
එසේ වුවහොත් නැවතත් මෙරට ස්ථාවර භාවයට ගැටලු ඇතිවෙන බවද හෙතෙම කියා සිටියේය.
එවිට මෙරට ආර්ථිකය යළි කඩා වැටෙනු ඇති බවත් පැවසූ ඔහු එනිසා වසර දෙකකින් මැතිවරණ කල් දැමීම සුදුසු බව තම මතය බවද පැවසීය.
එවිට රටේ ස්ථාවර භාවයට ගැටලුවක් ඇති නොවනු ඇති බවද හෙතෙම යාපනයේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
ජනාධිපතිවරණය වසර දෙකකික් කල් දැමිය යුතුයි - විග්නේෂ්වරන් පමණක් රංගේට එක්වේ!
2024-05-30T12:05:00+05:30
Gossip Lanka Hot News





