වතුකම්කරුවන්ට රජය විසින් ඉහළ දැමූ රුපියල් 1700ක වැටුප ලබාදීමට වතු සමාගම් අපොහොසත් වුවහොත් වතු සමාගම් රජයට පවරාගෙන බදු පදනම මත වෙනත් සමාගම්වලට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනා බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.
ඊයේ (29) ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 60 වන ජන්ම දිනය (29) දිනට යෙදි තිබිම නිමිත්තෙන් එතුමා සිහි කිරිම සදහා හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගි වෙමිණි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ තොණ්ඩමන් අමාත්‍යවරයා කියා සිටියේ පඩි පාලක මණ්ඩලය වතු කම්කරුවන්ට රුපියල් 1000කින් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණයේ ගොනුකළ නඩුව 29 වැනිදා යළි කැඳවූ අවස්ථාවේදී නඩුව වතු කම්කරුවන් සඳහා සාදනීය ලෙස පැවති බවයි.
මෙම නඩුව මේ මස 31 වැනිදා යළි කැඳවීමට නියමිත බවත් වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවීමට වතු සමාගම්වලට අධිකරණයෙන් අවසර ලැබෙන බවට තමන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ සියලුම දෙනාට විශ්වාස කරනා බවත් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැයි දිනයේදී වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදෙන බව ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශයට විරෝධය පළ කළ නමුත් එම වැටුප වතු සමාගම්වලට ගෙවීමට සිදු වන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.