gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ප්‍රීතිමත්ව හා ගෞරවාන්විතව ජීවත් විය හැකි නීතිය හා සාමය ආරක්ෂා වන පරිසරයක්" - එක්සත් මහජන පක්ෂයේ කම්කරු දින පණිවුඩය

අපේ ජාතියේ කොඳු නාරටිය වන ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව සැමවිටම ප්‍රගතිය සඳහා බලවත් බලවේගයක් වී ඇත. ඉතිහාසය පුරාම, ඔබ අපේ රටේ ජයග්‍රහණ සඳහා මිල කළ නොහැකි දායකත්වයක් ලබා දෙමින් සෑම අභියෝගයකටම මුහුණ දී ඇත.

 පසුගිය වසරේ, දැඩි ආර්ථික දුෂ්කරතා ඇති කාල පරිච්ඡේදයක් තුළ, අපි ආර්ථික ස්ථාවරත්වය සඳහා ආරම්භක, දුෂ්කර පියවර ගැනීමේ දී ඔබේ ඉවසීම සහ ධෛර්යය ඉවහල් විය.  ඒ සඳහා වූ ඔබේ කැපවීම අපි  බෙහෙවින් අගය කරමු.

 2024 මැයි පළමු දිනට යෙදෙන 138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය විසින් ප්‍රදර්ශනය කරනුයේ  ආර්ථික  අර්බුදයක් මැද රටත් ජාතියත් වෙනුවෙන් ඔබ සතු වූ සුවිශේෂී දරා ගැනීමේ හැකියාවයි. අපි එය අගය කරනා අතරම ඔබේ අභිමානයට ගෞරව කරන්නෙමු.

 වර්ෂ 1886 ඇමරිකා එක්සත් ජනපද කම්කරු පන්තිය පැය අටක වැඩමුරයක් ඉල්ලා ආරම්භ කළ සාධාරණ සටනේ ජයග්‍රහණ ලොවම බෙදා ගන්නා වර්තමාන සමාජය තුළ තවදුරටත් වැඩ කරන පන්තියේ උන්නතිය උදෙසා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දේශපාලන  පක්ෂයක් ලෙස අපි පෙනී සිටින්නෙමු. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මාවත තුළින්ම එම ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ඇති අයිතිය අපි අවධාරණය  කරන්නෙමු.

 සියලුම ජනතාවට තම ජීවිතය ප්‍රීතිමත්ව හා ගෞරවාන්විතව ගත කළ හැක්කේ නීතිය හා සාමය ආරක්ෂා වන පරිසරයක් තුළය. ආර්ථික අර්බුදය සමග මතු වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් බිඳ වැටුණු නීතිය හා සාමය රට තුළ ස්ථාපිත කිරීමට පසු ගිය වසර දෙක තුළ අපි පුළුල් දායකත්වයක් සිදු කළ බව ද  මේ අවස්ථාවේ දී සිහි කරන්නේ නිරහංකාර සතුටකිනි.

 රට වෙනුවෙන් පුළුල් දැක්මකින් යුතුව රටේ  හෙට දවස උදෙසා  ගොඩනගන පක්ෂයක් ලෙස අදට යෙදෙන කම්කරු දිනයේ දී ලෝකය ගොඩ නැගූ ඔබ සමග එක්ව අපි ලෝක කම්කරු දිනය සමරන්නෙමු. එමෙන් ම ඔබට සුභාශිංෂණ පිරිනමන්නෙමු. එමෙන් ම අසීරු ම කාලෙක මාතෘභූමිය දුෂ්කරත්වයෙන් මුඳාගැනිමට දායක වූ වැඩ කරපු, වැඩ කරන  ඔබට ස්තුතිය පිරිනමන්නෙමු.

 
ටිරාන් අලස්,
මහ ලේකම්
එක්සත් මහජන පක්ෂය 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka