අප්‍රේල් 10 වැනිදා අගමැති ධූරය භාරගත්තා නම් මේ කිසිඳු ගැටළුවක් නැහැ..: විපක්ෂ නායකගේ ප්‍රශ්න කිරීම් හමුවේ ජනපති පාර්ලිමේන්තුවෙන් පිටව යයි (VIDEO)
අද (09) පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළා..
මේ මොහොත වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද කියා එහිදී විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා.
ඊට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මැදිහත් වුණා..
මේ සියළු දේවල් විමසීමට විවාදයක් පැවැත්විය යුතු බවත්, මේ වෙලාව ඊට සුදුසු අවස්ථාවක් නොවන බවත් ජනාධිපතිවරයා සහ ප්‍රසන්න රණතුංග මහතා එහිදී අවධාරණය කළා.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පවතින සියළු ගැටළුවලට විපක්ෂනායකවරයා වගකිව යුතු බවයි.
" මං හිතන්නේ මේ කාරණා සම්බන්ධයෙන් විවාදයක් තිබ්බොත් හොඳයි.. පක්ෂ විපක්ෂ විවිධ මත තියනවා.. ඒත් මං විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වගකියන්න ඕන.. අප්‍රේල් 10 වැනිදා අගමැතිකම භාරගත්තා නම් මෙවැනි ගැටළු ඇති වෙන්නේ නැහැ... මං මට පුළුවන් විදියට වැඩේ කළේ.."
අනතුරුව පක්ෂ විපක්ෂ ඝෝෂා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයෙන් පිටව ගියා..
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ සිය ගැටළුවලට පිළිතුරු ලබා දී පිටව යන ලෙසයි.
අප්‍රේල් 10 වැනිදා අගමැති ධූරය භාරගත්තා නම් මේ කිසිඳු ගැටළුවක් නැහැ..: විපක්ෂ නායකගේ ප්‍රශ්න කිරීම් හමුවේ ජනපති පාර්ලිමේන්තුවෙන් පිටව යයි (VIDEO)
2024-05-09T11:48:00+05:30
Gossip Lanka Hot News






