ජනාධිපති අපේක්‍ෂක ව්‍යාපාරිකට ප්ලේන්වලට තෙල් ගහන්න ගුවන් තොටුපලෙන් ඉඩමක්!
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ගුවන් යානාවලට ඉන්ධන ගෙනවිත් අලෙවි කිරීමට ගුවන්තොටුපලෙන් ඉඩමක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමිනි.
‘කටුනායක සහ මත්තල ගුවන් යානා ඉන්ධන නිකුත් කරලා විශාල ආදායමක් රටට ලැබෙනවා. මාසික ඉන්ධන ලීටර් මිලයන 13ක්, මත්තලින් ලීටර් මිලයන 3ක්, ගුවන් හමුදාවට අභ්‍යන්තර සිවිල් ගුවන් සේවා සඳහා ලීටර් ලක්ෂ 4ක් ලෙස විශාල වශයෙන් ඩොලර් ආදායමක් ලැබෙනවා.
කටුනායක ගුවන් තොටු පොළේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා දීමට ඩොලර් මිලියන 51ක් වියදම් කරලා හදලා තිබෙනවා නව තාක්ෂණික මෙවලම් සහිත පද්ධතියක්.
දැන් මේ පද්ධතිය තියෙන කොට ඔබතුමන්ලා කැනල් සහ ෆට් ඒවිශේෂන් කියන සමාගම් සඳහා තක්සේරු මිහුම් කටයුතු සිදු කරමින් පවතිනවා අලුතින් ගුවන් යානා තෙල් ලබා දීමේ ක්‍රියාවලියක් සිදු කරන්න.
ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ව්‍යාපාරික මහත්මයෙකුටත් ගුවන් තොටු පොළෙන් ඉඩමක් ලබා දීලා තිබෙනවා මේ ගුවන් යානා ඉන්ධන ගෙනල්ලා කුමාන්න, මෙයා ආණ්ඩුවේ. එතුමා තමයි ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක’
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ ඩොලර් මිලියන 20-30ක් ආයෝජනය කිරීමට හැකි හා සුදුසුකම් ඇති ඕනෑම පුද්ගලයකුට ගුවන් යානා ඉන්ධන අලෙවිය සඳහා බලපත්‍ර ලබාදිය හැකි බවය.
ජනාධිපති අපේක්‍ෂක ව්‍යාපාරිකට ප්ලේන්වලට තෙල් ගහන්න ගුවන් තොටුපලෙන් ඉඩමක්!
2024-05-09T09:41:00+05:30
Gossip Lanka Hot News






