gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 1300ක් පෙන්වා පිල්ලෙයාන් රාජපක්ෂලා හැර යයි

මේ දක්වා රාජපක්ෂ පවුල සමඟ ආණ්ඩු පවත්වා ගෙන යාමට හවුල් වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් රුපියල් කෝටි 1,300ක පමණ ව්‍යාපෘති පෙන්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය 11 වෙනි දින මඩකලපුවේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධ ප්‍රකාශයක් කර ඇත. “නිවැරදි සංවර්ධන සැලසුම් කිසිවක් ඉදිරිපත් කරන කිසිදු නායකයෙක් මේ අවස්ථාවේ ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තම පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙනවා“ යනුවෙන් එම මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය අනුව රාජපක්ෂලාට නිවැරදි සැලසුම් නැති බව අවධාරණය කර තිබේ. එමෙන් ම මඩකලපුව දිස්ත්‍රික්කය තුළ රුපියල් කෝටි 600ක මාර්ග සංවර්ධන කටයුතු සිදු කරමින් පවතින අතර ඉතිරි කටයුතු සඳහා තවත් රුපියල් කෝටි 700ක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ලබාදීමට නියමිත බවත් ප්‍රකාශ කර ඇත.

- lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka