gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔක්තෝබර් මාසයෙන් පසු නැවත මේ රටේ ජනාධිපතිවරු නෑ... බලය ලැබුණු ගමන් මුලින්ම කරන දේ තීරණය කරලා ඉවරයි!

ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනුරාධපුරයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි කියා සිටියේ එළඹෙන ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බිහිවන බවත් එම ජනාධිපති සහෝදරයා විසින් තම පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත්ය.

අනුර දිසානායක ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා ලෙස ජනතාවගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කර දීමට සූදානම් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්,

“ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් බලයට එනවා, ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා, ඉන්පසු කෙටි කාලයකට අමාත්‍යවරුන්ගේ වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා, එන්පසු ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, රට පුරා සෑම දිස්ත්‍රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරුන්, නියෝජිතවරියන් පාර්ලිමේන්තුව වෙත තෝරා පත්කර එවන්න, අද මාලිමාව විදිහට අපි ජනතාවගෙන් ඉල්ලන්නේ දූෂිතයන් විසින් බිඳ වට්ටපු මේ රට දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනගලා කෙළින් හිටවන්න කියන ඉල්ලීම විතරයි, ඒ අභියෝගයට නායකත්වය දෙන්න අපි සූදානම්, ඔක්තෝබර් 17 දින ජනාධිපතිවරණය අවසන් වන විට, අනුර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති විදියට වගකීම භාර ගන්නවා නියතයි, අද වනවිට අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලි වලට බෙදිලා, නොයෙක් අර්බුදයන්ට ලක්වෙලා, ඔවුන් සියලුදෙනා මාලිමාවට බනිනවා. අපහාස කරනවා” නමුත් ඒ අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka