gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මඟුල්ගෙදර මනමාලයව අපි නියම වෙලාවට එළියට දානවා – රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානාත්මක පක්ෂයක් බවත්, නියමිත වෙලාව පැමිණි පසු තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවත් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානාත්මක පක්ෂයක්. දැනට මේ ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන ප්‍රබල පක්ෂවල බොහෝ වයස අවුරුදු 50ට වැඩි පක්ෂ තියෙන්නේ.අපේ එක තමයි ලාබාලම පක්ෂය….

අපිට පේනවා දැන් අනිත් අයගේ සංවිධාන ශක්තියයි, අපේ සංවිධාන ශක්තියයි… සංවිධානයක් කියලා කියන්නේ ලංකාවේ තියෙන හැම දිස්ත්‍රික්කයක්ම හැම මැතිවරණ කොට්ඨාසයක්ම, හැම මන්ත්‍රී කොට්ඨාසයක්ම සහ ග්‍රාම සේවා වසමක්ම නියොජනය කරන්න ඕනේ.ඉතින් අපිට ඒ හැම නියෝජනයම තියෙනවා…

ජනාධිපතිවරණය කියන්නේ මගුල් ගෙයක් නම් මගුල් ගෙදර මනමාලයා තමයිනේ ප්‍රධාන චරිතේ. ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා තමයි ප්‍රධානම චරිතේ. ඉතින් එතකොට මගුල් ගෙදර ලෑස්ති වෙනකොට මුලින් තියෙන්නේ ඒ ගෙදර දොර සුද්ද පවිත්‍ර කරලා ඊට පස්සේ ඒ අවශ්‍ය වැඩ කටයුතු කරලා තමයි ලෑස්ති වෙන්නේ. මෙගොල්ලෝ කරන්නේ මුලින්ම ඇදුමක්වත් අන්දන්නේ නැතුව යට ඇදුම පිටින්ම මනමාලයව එළියට දානවා. එහෙම එළියට දැම්මම මනමාලයගේ වටිනාකමක් නෑ. මනමාලිටටහ් එපා වෙනවා වෙලාසනින් පෙන්නුවම. දැන් අපි එහෙම නෙවෙයි.අපි මේ දවස්වල ගේ සුද්ද පවිත්‍ර කරලා, මනමාලිගේ පාර්ශ්වයත් එක්ක කතා කරනවා.අපි නියමිත වෙලාවට මනමාලයව එළියට දාන්නම්, ඉතාම හොද නියම මනමාලයෙක් විදිහට…”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka