රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා අභියෝග භාරගෙන රට යථා තත්වයට ගෙන ආ බවත් ජනතාවද ඊට කැපකිරීම් කළ බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඊයේ (08) මිනුවන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දෙවන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ද සඳහන් කළා.
“අපි මිනිස්සු ගැන හිතල වැඩ කරන කොට අපේ විරුද්ධවාදීන් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කළා. ඔවුන් විදේශවලට ගිහිල්ල කිව්වා ලංකාවට සල්ලි එවන්න එපා කියලා. සංචාරක ව්‍යාපාරය කඩා දමන්න කටයුතු කළා. විශේෂයෙන්ම සංචාරකයන් අරගල තියෙන, කෝළහාල තියෙන රටවලට එන්න කැමති නෑ. ඊනියා අරගලය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටුණා. මිනිස්සු සාමකාමී අරගලයක් පටන් ගත්තා. නමුත් විපක්ෂය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.
ජනාධිපතිතුමා විදේශ රටවලට ගිහිල්ලා ආර්ථික අර්බුධයෙන් රට ගොඩගන්න ඔවුන්ගේ සහය ලබාගන්න සාකච්චා පවත්වනවා. නමුත් අනුර කුමාර රට ගිහිල්ල මොනවද කරන්නේ කියල හොයල බලන්න. ඔහු රට ගිහිල්ල පක්ෂයට දෙන සල්ලිටික සාක්කුවෙ දාගෙන එනවා.මිනිස්සුන්ට සතපහක උදවුවක් කරන්නේ නැහැ.
අපි රට භාරගන්න කියල විපක්ෂයට ආරාධනා කළා. නමුත් ඒ අය බය නිසා අභියෝගය භාර ගත්තේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාරගෙන නිවැරදි කළමණාකරණයෙන් අවුරුදු දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙනාවා. නැවත වතාවක් රටේ සාමකාමී තත්ත්වයක් ඇති වුණා. ඒවයේ ප්‍රථිඵලය තමයි මේ. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විතරක් දිස්ත්‍රික් සංවර්ධන අරමුදලේ රුපියල් ලක්ෂ 200ට වැඩි මුදලක් තියෙනවා. නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල පළාත් සභා ප්‍රතිපාදන මගින් විශාල මුදලක් ලැබෙනවා. මිනුවන්ගොඩ රෝහලේ තට්ටු හයක නව ගොඩනැඟිල්ලකට මුල්ගල් තියනවා. අපිට ඉතාම කෙටි කලකින් සංවර්ධන අභියෝගය ජයගන්න පුළුවන් වුනේ ජනතාව කළ කැප කිරීම නිසයි.ඉදිරි වසර දෙක මීටත් වඩා හොඳ වෙයි.
මිනිස්සු කියන්නේ මැතිවරණ නොතියා තවත් වසරක් දෙකක් මෙහෙමම යමු කියල. නමුත් ව්‍යවස්ථානුකූලව අපිට එහෙම වැඩ කරන්න බැහැ. ඒ නිසා නියමිත කාලයේදී ජනාධිපතිවරණය තියනවා. මේ ආර්ථික අර්බුධයෙන් රට ගොඩගත හැකි නායකයෙක් නැවත බලයට පත්කරන එක ජනතාවගේ වගකීමක් බව මා මතක් කරනවා. දැක්මක් නැති මිනිස්සුන්ට අත්හදා බලන්න රටක පාලන බලය ලබාදෙන්න එපා.”
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLAFVsoLaVU7UyiODeeJfecMxDc1T73EK78xIPDh1ysE6VdLxLXYyrnRdWvKEYlpbfLM-L39kNngyAZaLAd2CU1VnrLllNnUkq0_N2uLlF3sKQUorA8TtuGb3xW20BkMqQHj1TscpJE66H/s1600/shareit.jpg)