ඩයනා ගමගේගේ මන්ත‍්‍රී ධුරය අහෝසියි.. ඇමතිකමත් ඉවරයි..
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. සමාජ ක්‍රියාකාරික වෙනම ඕෂල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකමින් මෙම තීන්දුව අද දිනයේ ප‍්‍රකාශ කලේය.
ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය ජාතික පුරවැසි භාවය හිමි තැනැත්තියක් නිසා ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන්නයි ඔහු තම පෙත්සම මගින් ඉල්ලා තිබින.
මෙම තීන්දුව අනුව පුරප්පාඩු වන සමගි ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා සුදුස්සෙකු පත් කිරීම එම පක්ෂ මහලේකම්වරයාට හිමිවෙයි.
ඩයනා ගමගේගේ මන්ත‍්‍රී ධුරය අහෝසියි.. ඇමතිකමත් ඉවරයි..
2024-05-08T11:33:00+05:30
Gossip Lanka Hot News






