කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ නම් තරුණයා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ප්‍රධාන සැකකරු වන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත නිදහස් කරනා ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් නියෝග කළේය.
සැකකරු මෝසමක් මගින් සිය නීතිඥයින් හරහා අධිකරණයට බාරවීමෙන් අනතුරුව එසේ ඇප නියමවිය.
එහිදී සැකකරුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (මුළු රුපියල් ලක්ෂ 10) මත ඇප නියම විය. ඇප කොන්දේසිවලට ඔහුගේ ගමන් බිමන් සීමා කිරීම, පොලිසියට නිතිපතා වාර්තා කිරීම සහ වෙනත් නීතිමය බැඳීම් ඇතුළත් විය.
කෙසේ වෙතත්, නඩු විභාගයේදී සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව පොලිසිය සිය විරෝධය පළ කළේය. අත්අඩංගුවට ගැනීම මඟහැර අධිකරණය හා නීතිය හෑල්ලූවට ලක් කළ බවට පොලීසිය පාර්ශවයෙන් චෝදනා එල්ල විය. මුළු දිවයින පුරා සැකකරු සෙවීමට සැලකිය යුතු කාලයක් හා ශ්‍රමයක් වැය කළ බව පොලීසිය කියා සිටියේය.