gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසර පහකට පසු චන්ද්‍රිකා විශේෂ ගමනක!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ සවස් කාලයේ (06) නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශවයේ කණ්ඩායමක් වන අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීය දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් සමඟ කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද පැමිණියාය.

එම පැමිණීමේ විශේෂත්වය වනුයේ ඇය මෙසේ නිදහස් මූලස්ථානය වෙත පැමිණියේ වසර පහකට පසු වීමයි.

එහිදී හිටපු ජනාධිපතිවරිය නිදහස් පක්ෂ ජේෂ්ඨ කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර පක්ෂයේ ඉදිරි ගමන සඳහා කැප වී කටයුතු කරන බව ප්‍රකාශ කළාය.

පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ තමා පක්ෂය තුළ හැමදාමත් සිටි නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇය පන්නා දැමූ නිසා නැවත මුලස්ථානයට නොපැමිණි බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ රට හදන්න සියලු දෙනා එක්වී වැඩ කළයුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka