පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීමට අදාළ විධිවිධාන ඇතුළත් බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන සංශෝධන) පනත් කෙටුම්පත කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි විය.
මෙයට අදාළ සංශෝධන පිළිබඳව එදින එම විවාදය සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.
පාර්ලිමේන්තුව ලබන මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසා තිබේ.ඒ අනුව මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), එසේම සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.