gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී ගෙන් යළිත් CID ය පැය දෙකක ප්‍රකාශයක් ලබාගනී!

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, තමන් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් කවුද යන්න පිළිබඳව දන්නා බවට කළ ප්‍රකාශයට අදාළව දෙවන වරටත් ඊයේ (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇත. ඊයේ පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා පැය දෙකක පමණ කාලයක් පුරා ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබේ.

ඔහු මෙලෙස දෙවන වරටත් ප්‍රකාශයක් ලබා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට වන අතර මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහු ප්‍රකාශයක් ලබාදී තිබුණි.

හිටපු ජනාධිපතිවරයා, තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොලකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව දන්නා බවත් ඒ පිළිබඳව ඕනෑම අධිකරණයක් හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් පවසමින් ප්‍රකාශයක් සිදුකලේ  මහනුවර පැවති උත්සවයක දී මාධ්‍යවේදීන් හමුවේ ය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට මාසයකට පමණ ඉහත දී එම සිද්ධියට අදාළ පළමු ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දී තිබුණි.

ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමට අනුව ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හිටපු ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කර තිබූ අතර තමන් ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් තවදුරටත් එවැනි ප්‍රකාශයක් අධිකරණයට ලබාදීම අවශ්‍ය නොවන බවට පවසා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනුකර අධිකරණයට දැනුම් දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන එම ප්‍රකාශය ලබාදීමෙන් වැළකී තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka