පොහොට්ටුවේ කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් – ඇමතිට හූ සංග්‍රහයක්!
“රට වනසන පනත් පරාජය කරමු” ලෙස සටහන් කළ විරෝධතා පුවරු සහිතව සිවිල් සංවිධාන කිහිපයක් එක්වී පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණ ඇත.
අනතුරුව විරෝධතාකරුවන් නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී පොලිසියෙන් බාධා කිරීමත් සමගම උණුසුම්කාරී තත්වයක් ඇතිවු අතර අනතුරුව එම ස්ථානයේ පොල් ගසමින් විරෝධය පළ කළා.
එම අවස්ථාවේදී එම මාර්ගයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතාකරුවන් අමාත්‍යවරයාට “හූ” කියා විරෝධතාව පළ කර සිටියා.
පොහොට්ටුවේ කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් – ඇමතිට හූ සංග්‍රහයක්!
2024-05-28T12:05:00+05:30
Gossip Lanka Hot News





