gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවේදී කොටුවූ 4 දෙනාගෙන් මාලිගාවත්තේදී රහස් දිවුරුමක්!

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් බවට සැක කරන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේ රහසිගත ස්ථානයකදී කිසියම් දිවුරුමක් ලබාදී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

එය පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් සිය ප්‍රහාරය එල්ල කිරීමට පෙර සිදුකළ දිවුරුම හා සමාන එකක් බව ආරක්‍ෂක අංශ පවසයි.

එම දිවුරුම සිදුකළ අවස්ථාවේදී ලබාගත් ඡායාරූප කීපයක් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ත්‍රස්තවාදීන්ගේ ජංගම දුරකථනවල තිබී එරට පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

එම ඡායාරූප ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීමට ද ඉන්දීය ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත.

මේ අතර මෙම ත්‍රස්තවාදීන් බවට සැකකරන පුද්ගලයන් දිවුරුම ලබා දුන් මාලිගාවත්ත ප්‍රදේශයේ රහසිගත ස්ථානය රජයේ රසපරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂාවට ලක්කර තිබේ. එම දිවුරුම ලබාදුන් අවස්ථාවේ අන්තවාදී ආගමික පාඨ සඳහන් කර තිබූ බැනරයක් දිවුරුම ලබාදෙන ස්ථානයේ සවිකර තිබී ඇත.

එම දිවුරුම ලබාදීමෙන් පසු ත්‍රස්තවාදීන් අදාළ බැනරය පුලුස්සා දමා තිබූ බව ආරක්‍ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

එසේ පුලුස්සා තිබූ බැනරයේ කොටස් රජයේ රසපරීක්‍ෂකවරයා විසින් සිය භාරයට ගත් බවද ආරක්‍ෂක අංශ පවසයි.

ආරක්‍ෂක අංශ හෙළිකර ගත් තොරතුරුවලට අනුව මෙම ත්‍රස්තවාදීන් දින දෙකකදී අවස්ථා දෙකක මෙසේ දිවුරුම් ලබාදී ඇත. එම දින දෙකේදීම ඔවුන් ඡායාරූප ද ගෙන ඇත.

පළමු දිනයේ දිවුරුම ලබා දුන් අවස්ථාවේ ඡායාරූප ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාගෙන් දෙදෙනකු පමණක් පළමු දින දිවුරුම් ලබාදීම සඳහා එක්ව සිටි බව ඔවුන් සතුව තිබූ ඡායාරූපවලින් හඳුනාගෙන ඇත.

දෙවැනි දිනයේ ලබාදුන් දිවුරුමේදී ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාම සිට ඇති බව එදින ගත් ඡායාරූපවලින් හෙළිවී තිබේ.

මේ අතර මෙම ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා ඉන්දියාවේ විශේෂ ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී විදේශ ඇමැති අලිසබි්‍ර මහතා කියා සිටියේ, ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් බවට තොරතුරු කිසිවක් නොදන්නා බවත් ඔවුන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බව පමණක් තමන් දන්නා බවත්ය.

මෙම සැකකරුවන් සිවුදෙනා ඉකුත් 20 වැනිදා අහමදාබාද් ගුවන්තොටුපළේදී ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන ආරම්භ කළ ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මොවුන් සමග සබඳතා පැවැත්වූ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේය.

ඊට අමතරව ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ ජෙරාඩ් නමැත්තකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතා ඇත. එම පුද්ගලයා පිළිබඳව තොරතුරු ලබා දෙන පුද්ගලයකුට රුපියල් මිලියන 2ක මුදල් ත්‍යාගයක් ද ලබාදීමට පොලිසිය තීරණය කර තිබිණි.

හේමන්ත රන්දුණු
– Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka