gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉලෙක්ෂන් ලඟයි… තියන ඡන්ද ටික බේරගන්න හරි ‌ සුනඛයින් බැඳ දමන්න… දැන් මිනිස්සු වෙනස්!

පුත්තලමේ සුනඛයා  බුරා පැන්නේය. හිර ගෙදර තැබිය යුතු උන් පාර්ලිමේන්තුවට යැවූ විට උන් තැනක් නොතැනක් නොදැක පහරන පහරන වාරයක් පාසා අපහාස විඳින්නේත් ගර්හාවට ලක්වන්නේත් පාරිලිමේන්තුවය. පුත්තලම් බූරුවන් වැනි මිනිසුන් විසින් රට වටෙන්ම තමන්ව පාලනය කරන්නටත්, නීති රීති සම්පාදනය කරන්නටත්, තමන් වෙනුවෙන් නියෝජනය වන්නටත් පාර්ලිමේන්තු එවන අශිෂ්ට ගොබ්බයන් සම්බන්ධව තමන්ම තීන්දුවක් ගත යුතු බව මැතිවරණ කටේ දී යළි සිහිකළ සිදුවීමක් පුත්තලම නගරයෙන් ඊයේ (26) මේ රටම දුටුවේය.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකරය. පුත්තම ප්‍රදේශයේ රජයට අයත් අකක්ර 10ක පමණ ඉඩමක් කිසියම් පිරිස් විසින් නීති විරෝධීව බලහත්කාරයෙන් අත්පත් කරගැනීමක් පිළිබඳ ලද තොරතු මත ඊයේ ඔහු එම ප්‍රදේශයට ගියේය.

ඉඩම් බලහත්කාරයෙන් අත් පත් කරගන්නා බව කියනු ලැබුවේ පුත්තලම පැරණි මන්නාරම පාරේ පුද්ගලික ලුනු ලේවාය ඉදිරිපිට ඉඩමකි. අක්කර 10ක් පමණවන ඒම රජයේ ඉඩම අතිශය ඉහළ වාණිජ වටිනාකමකින් යුතු විය. පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ඉඩමට කිසිවෙකුට ඇතුළුවීම තහනම් කර තිබුණේය. ඊයේ නීති විරෝධී ලෙස ඒම ඉඩමට කිසියම් පිරිසක් ඇතුළු වී තිබුණේ ඒ් තහනම තිබියදීය.
ඉඩම් කොල්ලක සඳහා ඇතුළු වී සිටි පිරිස අතර විලිලජ්ජා නැති පුත්තලමේ කුපාඩි මන්ත්‍රීත් හිටියේය. ඒ කුපාඩියා විශේෂ අමුත්තන් ඇතුළුවනක ප්‍රභූ  පරියන්තය ඔස්සේ නිති විරෝධී ලෙස කෝටි හතක රන්බඩු සහ දුරකථන ස රැගෙන විත් අතේ කෝට් වූයේය. පසුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයෙන් වරදකරු වී භාණ්ඩ රාජ සන්තක කර දඩයකට ද යටත් කළේය. ඉන්පසු මාසයක් පාර්ලිමේන්තුව තහනම් විය. ඔහු අලි සබ්‍රි රහීම් නැමැති විලි ලජ්ජා රහිත ජාවාරම් කාර පාරලිමේන්තු මන්ත්‍රී පෝතකයා ය.

අලිසබ්‍රි රහීම් සිටියේ පිරිසක් සමගය. සංයමයක් නැති අයිආර්සී කාරයෙක් මෙන් ඔහු ප්‍රාදේශීය ලේකම්වරයාට සිය බලය පෙන්වන්නට ගියේය. රාජ්‍ය නිලධාරියෙක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා සිය රාජකාරි පෞරුෂය සහිතව හැසිරුනේ දේශපාකයන් ඉදිරියේ නිවටයින් සේ හැසිරෙන රාජ්‍ය නිලධාරීන්ට ස්වකීය රාජකාරි පෞරුෂය යනු කුමක්දැයි පෙන්වා දෙමිනි.

අලි සබ්රි රහීම් සහ ඔහුගේ සහචරයන් කීවේ මේ රජයේ අවුරුදු සිය ගණනක් මිනිස්සුන් පදීංචි වී සිටි ඉඩමක් බවය. ඉඩම් අයිතිය ඇත්තේ ඒ් මිනිස්සුන්ට බවය. ප්‍රාදේශීය ලේකම්වරයා කීවේ මේ ඉඩම කිසිවෙකුට අයත් ඒකක් නොව රජයේ හිස් ඉඩමක් බවත් ඔප්පු හදාගෙන ඇවිත් ඇතිනම් ඒ් සියලුම ඔප්පු ව්‍යාජ ඒ්වා බවත්ය. ප්‍රදේශයේ රජයේ ඉඩම් බලතල ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයාට බව ඔහු සිහි කළේය.

ප්‍රාදේශීය ලේකම් – මේවා රජයෙ ඉඩම්. මේවා කාටවත් අයිති නෑ. මේ අහන්නකො…

අලි සබ්‍රි රහීම් අහන්නට සූදානම් නැත. ඔහු බුරා පනිමින් වියරු ලෙස හැසිරෙන්නේ ය.

අලි සබ්‍රි රහීම් – මමත් ඩීසීසී සභාපති කෙනෙක්. ඔබතුමා වැඩ කරන්නේ චින්තක මායාදුන්න මන්ත්‍රී තුමාගේ කීමට ඉඩම් ජාවාරම් කරන්න ඉඩ දෙන්න බෑ. මේකේ අවුරුදු සිය ගණන් පදිංචි මිනිස්සු ඉන්නවා.

ප්‍රාදේශීය ලේකම් – පදිංචි නෑ මේ හිස් ඉඩම. මේක හිස් ඉඩම… මේක රජයේ ඉඩමක්

අලි සබ්‍රි රහීම් – රජයේ ඉඩම උනත් ඒයාල බදු ඉල්ලනවා නේ. දෙන්න එයාලට බදු… අපේ ඔප්පු බලන්නකො….

ප්‍රාදේශීය ලේකම් – මේ ඉඩමට ඔප්පු නෑ. ඔය ඔප්පු වලංගු නෑ…

අලි සබ්‍රි රහීම් – අපි පාර්ලිමේන්තු ගියේ ජනතාවට සේවය කරන්න හරිද… ඉඩම් විකුණන්න නෙමෙයි.

ප්‍රාදේශීය ලේකම් – මේක රජයේ ඉඩම. මේ ඉඩම අපි කාටවත් දෙන්න කටයුතු කරලා නෑ…

අලි සබ්‍රි රහීම් – නෑ දීලා තියනවා. ඔබතුමා දීලා තියනවා.

පුද්ගලයෙක්. – එහෙම කරන්න බෑ. නඩු දාන්න.

අලි සබ්‍රි රහීම් – නෑ නෑ… නඩු දාන්න ඔ්න නෑ… මේ ඔක්කොම කරන්නේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක මායාදුන්න. පාර්ලිමේන්තු යන්නේ ඉඩම් අල්ලන්න නෙමෙයි. මොනවා හරි තියනවා නම් ඔබතුමා පොලිසියේ ඇන්ට්‍රි දාලා උසාවියෙ නඩුවක් දාන්න

ප්‍රාදේශීය ලේකම් – මම පොලිසියේ ඇන්ට්‍රියක් දාලා තියෙන්නේ.

අලි සබ්‍රි රහීම් – ඔබතුමා ෆීල්ඩ් ඒකට ආපු එක වැරදියි

ප්‍රදේශීය ලේකම් – මේ ඉඩමට තුන් හාරසීයක් ඉල්ලීම් කරලා තියනවා. ඒ්වා බෙදන්න අවශ්‍ය කටයුතු කරලා නෑ. මේ වගේම අනවසරකරුවො කණ්ඩායමක් තමයි එහා පැත්තෙත් ඉන්නේ. ඔය ඉඩම් විකුණපු මිනිස්සු දන්නවා ඇති කවුද ඉඩම් වික්කේ කියලා.

මේ වගේ අල්ලා ගන්නවා. විකුණනවා ලක්ෂ ගණන්වලට. කෝටි ගණන්වලට. ඔ්ක තමයි බිස්නස් ඒක. මේ නැති බැරි මිනිස්සු නෙමෙයි. කෝටිපති ව්‍යාපාරිකයො පුත්තලමේ මේකට කෙළ හලාගෙන ඉන්නේ. නැතුව මේ රට හදන්න නෙමෙයි.

මේ පුත්තලමේ සබ්ජට් එක ඇවිල්ලා… දේශපාලකයො සමහරු සම්බන්ධයි මේවට.

ප්‍රදේශීය ලේකම්වරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මේ අතර අලි සබ්‍රි රහීම් පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට බලපෑම් කරමින් සිදුකළ මේ තුට්ටු දෙකේ හැසිරීමට පුත්තලම නගරයේ නිහඬ විරෝධතාවයක් ද පැවැත්විනි.
ප්‍රාදේශීය ලේකම්වරයා පුත්තලමේ කුපාඩි මන්ත්‍රීගේ මූණට කිව යුත්ත කිවේය. හෙට මේ රාජ්‍ය නිලධාරියා පුත්ලමෙන් මාරු කර යැවීමට මේ රටේ දේශපාලනය කටයුතු නොකරනු ඇතැයි අපි විශ්වාස කරමු. මක්නිසා ද යත් වීදි සුනඛයෙක් බඳු දේශපාලකයෙක් බලහත්කාර ඉඩම් කොල්ලයකට පැමිණ රාජ්‍ය නිලධාරීන්ට බුරා පනින හැටි දැන් මුලු රටම දැක ඇති බැවිනි.
-ඉඳුනිල් කහටපිටිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka