gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකට ආණ්ඩුව සූදානම්!

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජානධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට සූදානම් බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලිකිරීම් කර ගැනීමට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිලිතුරු දෙමිනි.

කතානායක, මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ රැස්විය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර මෙවන් විවාදයක් ඇති විය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා පසුගිය කාලයේදී වගේම අද දවසේත් මේ සභාවට තොරතුරු ලබාදුන්නා. එතුමා කිව්වා සමහරු අභියෝග භාර නොගත් නිසා එතුමා කොන්දේසි රහිතව මේ රට භාරගත්තා කිව්වා. මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි එතුමා කෙසේ සඳහන් කළත් අද රටතුළ නිර්මාණය වෙලා තියෙන්නෙ නව සාමාන්‍ය තත්ත්වයක්. ඒ තුළ ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට රටේ ආර්ථිකය කුඩා වෙලා තියෙනවා. ජනතාවගේ ජීවිතය හැකිලිලා. ජනතාවවෙල අසීමිත පීඩනයක් පැටවිලා. දුප්පත්කම, විරකියාව, ගෑස් හා විදුලිබිල වැඩිවෙලා. ව්‍යාපාර කඩාවැටිලා. මන්දපෝෂණය වර්ධනය වෙලා. රටේ බහුවිධ අවධානම් තත්ත්වයක් ඇති වෙලා තිබෙන බව ජාත්‍යන්තර සංවිධාන පවා වාර්තා ලබාදී තිබෙනවා.


අස්වැසුම සුබසාධන වැඩ සටහන සාධනීය වැඩසටහනක් නෙවෙයි. එහි ආර්ථික සංවර්ධනය ගැන දැක්මක් නැහැ. කිසියම් කාලසීමාවකට මුදල් ලබාදීමක් සිදුවෙනවා. ඒක වැරදියි කියල අපි කියන්නේ නැහැ. ජනාධිපතිතුමා තනතුරට පත්වූ මොහොතේම රටේ ජන සංගණනය කරන්න තිබුණා. ඒ තුලින් ගෘහයක ආදායම ගැන අවබෝධයක් ලබාගන්න තිබුණා. ඒ අවබෝධයෙන් මේ සුබසාධන වැඩ ටික කරන්න තිබුණා. අද මේ මොහොත වන විට තත්ත්වය මොකද්ද. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන අලස විදියට ක්‍රියාත්මක වෙනවා.


ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මේක විවාදයකට යනවා. එහෙමනම් අපි ජනාධිපතිතුමාගේ කතාව ගැන විවාදයක් ගනිමු. අපි විරුද්ධ නැහැ.නමුත් ඔබතුමන්ල අවස්ථාව ඉල්ලුවේ කරුණු පැහැදිලිකර ගැනීමක් කරන්න. මේ විදයට ගියොත් අපිට න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගන්න බැරිව යනවා.


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – ගරු විපක්ෂනායකතුමනි, තවත් කාලය කා දමන්න එපා.


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා –  ඇයි අපිට භාෂණයේ නිදහසක් නැද්ද?, අපිට කතාකරන්න බැරිද? ඔබතුමා පක්ෂග්‍රාහී වෙන්න එපා. මට කරුණු කාරණා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. මගේ කට වහන්න එපා.


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – ඔබතුමා අවස්ථාව ඉල්ලුවේ කරුණු පැහැදිලිකරගන්න. කතා කරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා.


(සභාවේ කෑ ගැසීම්)


විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා –  ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා කතාවක් කළා. ඒ ගැන පැහැදිලිකිරීම කෙලින්ම ඇහුව්වනම් හරි. කරුණු පැහැදිලි කරන්න කියල පැය භාගයකට වඩා කතා කරනවා. මෙතුමා ජනාධිපති කවුද? විපක්ෂනායක කවුද? කියන්න දන්නෙ නැහැ.


ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මේක පැහැදිලිකර ගැනීමක් නෙමෙයි. කතාවක්. ජනාධිපතිතුමා සභාවෙන් පිටව යනකොට විපක්ෂනායකතුමා අහනවා බයේද යන්නේ කියල. අනුර කුමාර දිසානායක මහත්තයාත් ඕකම විපක්ෂනායකතුමාගෙන් ඇහුව්වා විවාදයකට ආරාධනා කරපු වෙලාවේ. ඒ ගොල්ලන්ගෙ විවාද ගියාට කමක් නෑ. මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න.


– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka