‘1998 – 2008 කාලයේ ශ්‍රී ලංකන් ගුවන්සේවය පාලනය කරපු එමිරේට්ස් පාලනය ඔය කියන තරම් සුන්දර එකක් නෙමෙයි. අපිට තිබුණු ගුවන්යානා විකුණුවා. ඒවා විකුණලා තමයි ලාභ පෙන්නුවේ‘ යනුවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවය මිලට ගන්න යන Treasure Republic Guardians Ltd (TRG) සමාගමේ සභාපතිනී නයෝමාද සිල්වා පවසයි.
‘අපේ සමාගම ශ්‍රීලංකන් ගුවන්සේවය මිලදී ගැනීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 500ක් සහ තවත් මුදල් පෙන්වීමෙන් පසුව තමයි මේ අවසානයේ ඉතිරි වුණ සමාගම් අතරට ඇතුළත් වුණේ.
අපි කෙටි කාලයක් ඇතුළත ගුවන්යානා 35ක් දක්වාත් වසර කිහිපයක් ඇතුළත ගුවන්යානා 50ක් දක්වාත් ශ්‍රීලංකන් ගුවන්සේවයේ ගුවන්යානා ප්‍රමාණය වැඩි කරන්න සැලසුම් මේ වන විටත් සකස් කරලා තියනවා.
අපිත් සමග අතිදක්ෂ කණ්ඩායමක් ඉන්නවා. අපිට ඇස්දෙක වහගෙන ලාභ ලබන තත්වයට ශ්‍රීලංකන් ගුවන්සේවය පත්කරන්න පුළුවන් වගේම දෙස් විදෙස් සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න කියලා‘
නයෝමා මේ බව සඳහන් කළේ යූ ටියුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.