gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“කුඩු-පාතාලය මඩින මෙහෙයුමට බාධා එපා” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් ආරම්භ කරනු ලැබ ඇති පාතාලය හා කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට බාධා නොකරන ලෙස තමා ඉල්ලා සිටින්නේ යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ නාරාහේන්පිට අභයාරාමයේදී පැවසූහ. රාජ්‍ය නීතියට ගරු කරන ලෙස බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ බව කී උන්වහන්සේ පොලිසියේ රාජකාරියට ඉඩදෙන ලෙස නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ ද පැවැසූහ.

“ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර, මිනීමැරුම් වැඩි වී තිබුණා. දැන් පොලිස්පතිතුමා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

කුමන ක්‍රමයක් හෝ භාවිත කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕන.

මේ වැඩපිළිවෙළට යම් නීතිඥවරු බලපෑම් කරනවා යැයි වාර්තා වෙනවා. පොලිසිය තුවක්කුව භාවිත කරනවට මේ නීතිඥවරු අකැමැතියි. අපි අහන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද කියලයි.

රාජ්‍ය නීතියට ගරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පවා ප්‍රකාශ කර තිබෙනවා. කුඩු ව්‍යාපාරය කියන්නේ දරුණු ව්‍යාපාරයක්.

කුඩු මත්ද්‍රව්‍යයට සහ මිනීමැරුම් පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නීතිඥවරු තමන්ගේ රාජකාරිය කරලා පොලිසිය තමන්ගේ රාජකාරිය කළ යුතුයි. මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න පොලිසිය ගන්න තීන්දුවලට විරුද්ධ නොවිය යුතුයි. නමුත් පොලිසියත් වඳුරට දැළි පිහිය දුන්නා වගේ වැඩ නොකළ යුතු යි.”

අතපත්තුකන්දේ ආනන්ද හිමි…

“රට මත්ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත වී ඇති බව පේනවා. මේකෙන් පේන්නේ සමාජයේ පරිහානියයි.

සමාජ විරෝධී අයට විරුද්ධව පොලිසිය ඇතුළු ආණ්ඩුව වැඩපිළිවෙළක් ගෙන යනවා. මේ ක්‍රියාදාමයේදී අදාළ ඇමැතිවරයෙක් හා නිලධාරීන් සිටිනවා. එම නිසා අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ක්‍රියාත්මක කරන්නේ රටේ නීතියයි. එම නිසා නීතිය අවනීතියක් නොවිය යුතුයි. වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි.

බුදුන් දේශනා කළ ධර්මයට අනුවත් රටක නීතියට අනුවර්තනය විය යුතුයි. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සුවිශේෂී පුද්ගලයන් වන්නේ නීතිඥයන්. තර්කය සහ නීතිය කියන්නේ දෙකක්. තර්ක කරලා අනවශ්‍ය දෙයක් සමාජගත කරන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් දිරිමත් කළ යුතුයි. සමාජ විරෝධී ක්‍රියා වෙනුවෙන් රජය ගන්නා තීන්දුවලට සහාය දිය යුතුයි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka