gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'ඩයනා ගමගේව' සියල්ලන්ම අවභාවිත කළා' - මුජිබර් පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

පාර්ලිමේන්තුවෙන් ඉවත් වී අවුරුදු එකාහාමාරකට පසු නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව හිමි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. තමා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමේ කැපකිරීම සිදුකළේ සිය පක්ෂය වෙනුවෙන්, කොළඹ ජනතාව වෙනුවෙන් සහ ඉදිරි දේශපාලන අභියෝගය භාරගෙන එය වෙනුවෙන් ඉදිරිපත් වීමේ අරමුණින් බවයි අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ඒ අභියෝගය භාරදුන් ආණ්ඩුව එය භාරගත් නොමැති බවත්, මැතිවරණය කල් දමා, ඊට සල්ලි නොදී එම අභියෝගයෙන් පළාගිය බවත් මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළා.

නැවත වතාවක් සමගි ජනබලවේග පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයේ පුරප්පාඩුවක් ඇති වූ බවත් ඒ හේතුවෙන් මෙම අවස්ථාව තමන්ට හිමිවු බවත් ඔහු පෙන්වා දුන්නා.

ඒ අනුව නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයා ඇතුළු පිරිසට සහ දෙවියන්වහන්සේට තමන් ස්තූතිවන්ත වන බවයි ඔහු එහිදී අවධාරණය කර සිටියේ.

"විශේෂයින්ම මං පාර්ලිමේන්තුවෙන් අයින් වුණේ ඉතාම අවංකව.. ඒ අභියෝගයක් බාර අරගෙන.. අවංක චේතනාවෙන් ඒ කැපකිරීම මං කරපු නිසා නැවත වතාවක් ස්වභාවධර්මයා විසින් මට ඒ අවස්ථාව ලබාදීලා තියනවා.. අවංක චේතනාවකින් පාර්ලිමේන්තුවට නොපැමිණි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවෙන් යන්න වුණා.. ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට පත්කරගන්නකොට ඇය විදෙස් පුරවැසිභාවය තිබෙන කාන්තාවක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ.. ආණ්ඩුව මොකක්ද කළේ ඩයනා ගමගේ මහත්මියව ඇවිස්සුවා.. උසි උසි කියනකොට එතුමිය ඇවිස්සිලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඇඟට කඩාපනිනවා හපා කන්න.. මට හිතෙන්නේ ඩයනාව තමුන්නාන්සේලා ඔක්කොම අවභාවිත කළා.. ඒ මොකටවත් නෙවෙයි අවභාවිත කළේ සමගි ජනබලවේගයට ගහන්නයි එහෙම කළේ.."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka