gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලාල් සහෝදරයට වචනෙක පොඩි වරදක් වුණා.. ඒත් සමස්ත කතාවේ හරය හරි.. (video)

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදුකළ ප්‍රකාශයකදී වචනයක සුළු වරදක් සිදු වූ බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කෙසේ නමුත් ඔහු සඳහන් කළ සමස්ත කතාවෙහි හරයෙහි කිසිදු වරදක් නොමැති බවත් පක්ෂයක් ලෙස ජනතාවට බලය බෙදීම සම්බන්ධයෙන් වන පොදු ප්‍රතිපත්තියක සිට ජාතික ජනබලවේගය කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මේ ආකාරයෙන් ජාතික ජනබලවේගයේ කථිකයින් සිදුකරන අදහස් දැක්වීම් වල කරුණු විකෘති කරමින් ආණ්ඩුව සහ විපක්ෂය හැසිරෙමින් සිටින්නේ ඔවුන් හමුවේ ඇති නියත පරාජය හමුවේ බවයි ඔහු සදහන් කරන්නේ.

මෙවර මයි දිනයේදී කාල් මාක්ස්, ලෙනින් සහ රෝහණ විජේවීර මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ඔහු විසින් අදහස් දක්වා තිබෙනවා.


nalinda jayatissa contact number
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka