gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මන්ත‍්‍රිලාට හොද පඩියක්, වාහනයක් නොදුන්නොත් හොරකම් කරාවි…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් හිඟාකමින් ජීවත් වෙන නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් වාහන ලබා දිය හැකි බවද පැවසූ ඔහු එසේ නොවුනහොත් මන්ත‍්‍රීවරුන් සොරකම් කරනු ඇතැයිද කියා සිටියේය.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.

“සමහර මන්ත්‍රීලා මොණරගලින්, යාපනයෙන්, බදුල්ලෙන්, ත්‍රීකුණාමලයෙන් එනවා. ඔවුන් කියනවා ඔවුන්ට මේක කරගන්න බැහැ කියලා. ඔවුන්ගේ පඩියෙන් ඔවුන්ට මේ වැඩේ කරගන්න පුළුවන්ද බැරිද? හැමෝම පුද්ගලික අංශයේ වැඩකරලා රිටයර් වෙලා ආපු අය නෙවෙයි. මන්ත්‍රීවරුන්ට කීයක් ගෙවනද පඩිය. ඒ පඩියෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද? වාහනයක් ඕනනම් දෙන්න පුළුවන්. මන්ත්‍රීට අරක දුන්න මේක දුන්න කියලා විවේචනය කරන්න හරි ලේසියි. මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකාලා ජීවත්වෙන්න බැහැනේ. එහෙම නැත්නම් හොරකම් කරනවා. හොරකම් කරන මන්ත්‍රීලට මේ කිසිදෙයක් ඕන නැහැ.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka