ගෑස් මිල දැනෙන ගණනකින් අඩු කරයි... නව මිල ගණන් මෙන්න
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් මිල අඩු කර තිබෙන අතර, එහි නව මිල වන්නේ රුපියල් 3940ක්.
කිලෝ ග්‍රෑම් 05ක් බර ගෑස් සිලින්ඩරයක් රුපියල් හැත්තෑවකින්(70) අඩුකර ඇති අතර ,එහි නව මිල රුපියල් 1582කි.
කිලෝ ග්‍රෑම් 2.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 32කින් මිල අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 740 ක් වනවා.
ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳ පොලේ ගෑස් මිල පහල යාම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා මෙම මිල අඩු කිරීම සිදුකරන ලද බවයි.
ගෑස් මිල දැනෙන ගණනකින් අඩු කරයි... නව මිල ගණන් මෙන්න
2024-05-03T10:34:00+05:30
Gossip Lanka Hot News





