මෙවර මැයි දින උත්සව සඳහා මෙරට දේශපාලන පක්ෂ විසින් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.
ඉහළ උද්ධමනය හේතුවෙන් මෙවර මැයි දින උත්සව සඳහා ඉතිහාසයේ ඉහළම මුදල වැය කළ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසති.
උත්සවය සඳහා මිනිසුන් රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම්, වේදිකා, ස්පීකර්, ලයිට්, සැරසිලි, කෑම බීම ආදිය සඳහා වියදම් මෙහිදී ප්‍රධාන තැනක් ගෙන ඇත.
බොහෝ පක්ෂ නායකයන්, සංවිධායකයින් සහ දානපතියන්ගේ සහයෝගය ලැබීමෙන් වියදම් යම් මට්ටමකට පාලනය වූ බවද එම පක්ෂ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ මැයි දින සැමරුම් කිහිපයක් සංවිධානය කිරීමට සිදුවූ හෙයින් මෙවර ජාතික ජන බලවේගය සඳහා සාපේක්ෂව වැඩි මුදලක් වියදම් වී ඇති නමුත් පක්ෂ මූලස්ථානය අනුග්‍රහය දැක්වූයේ වේදිකාව,ශබ්ධ විකාශන, අලෝකය සැපයී ආදී අත්‍යවශ්‍යය අවස්ථා සඳහා පමණක් බවයි. අනෙකුත් වියදම් දිස්ත්‍රික් සංවිධායකවරුන් විසින් සිදු කරනු ලැබූ බවද ඔහු කියා සිටියේය.